Wenamulla Social Service Bhikkhu Training Institute

සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනය - වේනමුල්ල

Donations

Wenamulla Social Service Bhikkhu Training Institute – Ambalangoda


Address
Wenamullsa Samaja Sewa Piriven Sanwardhana Aramudala,
Wenamulla,
Ambalangoda

Bank Name:
National Saving Bank

Account Number:
100330504769
Edit Template

Welcome

Wenamulla BTI
Social Service Bhikkhu Training Institute Wenamulla Ambalangoda

සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනය – වේනමුල්ල, අම්බලන්ගොඩ

damma

To contribute to the Pirivena education system by producing professionally skilled teachers capable of achieving national educational objectives with efficiency and a spirit of inquiry to overcome future challenges.

Dhamma

අපගේ මෙහෙවර
අනාගත අභියෝග ජය ගැනීමට අවශ්‍ය කාර්‍යක්ෂම බවින් හා ගවේෂණශීලීත්වයෙන් යුතු ජාතික අධ්‍යාපන පරමාර්ථ සපුරාලීමට සමත්
වෘත්තීය නිපුණතාවලින් පිරිපුන් ගුරුවරයෙක් පිරිවෙන් පද්ධතියට දායාද කිරීම.

damma


Becoming the forefront of the national Pirivena education system to fulfill the threefold religious objectives and ultimate goals.

damma












ත්‍රිවිධ ශාසනික අරමුණු හා පරමාර්ථ සපුරා ගැනීම උදෙසාජාතික පිරිවෙන් අධ්‍යාපන පද්ධතියේ ප්‍රමුඛායතනය වීම.

Latest Articles

  • All Posts
  • Academic
  • examination
  • Meetings
  • NEWS
  • Others
  • Social Services
  • special days
  • Teachings
  • workshop
2026 – 2028 තුන් අවුරුදු නේවාසික පුහුණු පාඨමාලාව. අයදුම්පත් කැඳවීම.

August 27, 2025/

වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනික පූර්’ව සේවා පරිවෙණාචාර්’ය පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවේ 2026 – 2028 අධ්‍යයන වර්’ෂ සඳහා ශිෂ්‍යයින් බඳවා...

The Institutional Learning Management System will be officially launched on 25.06.2025. – 2025.06.25 වන දින ආයතනික ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නිල වශයෙන් විවෘත කෙරේ.

June 14, 2025/

ලෝකයේ පවතින අසීමිත තාක්ෂණය ඇඟිලි තුඩ අගටත් පැමිණ ඇති අවධියක ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක පමණක් භාවිතා කෙරෙන ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය...

Load More

End of Content.

wmf.ka bgqjk fiajdjka

වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනය ආරම්භ කිරීමේ අරමුණ වූයේ සමාජ සේවාවෙහි භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම වන අතර එහි සාර අවධිය ලෙස මෙම ගතවන යුගය පෙන්වා දිය හැක. පිරිවෙන් ක්ෂේත්‍රයට මනා පුහුණුවකින් යුක්ත භික්ෂුවක් මනා පුහුණුවකින් හා උචිත පෞරුෂයකින් යුතු ගුරුවරයකු ලෙස යොමු කිරීම අප වගකීමක් වශයෙන් සලකන්නකි. එසේ ම භික්ෂූත්වය යන්නත් පරිවෙනාචාර්‍ය සේවය යනු කුමක් ද යන්න පිළිබඳවත් මනා අවබෝධයකින් කටයුතු කරන අප ලංකාවේ පිරිවෙන් ක්ෂේත්‍රයට පූර්’ව සේවා ගුරුවරුන් බිහි කරන එකම ආයතනය ද වේ. තව ද පුහුණු ගුරු ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත එකම සහ හොඳම ආයතනය අප වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනය බව අදාළ ආයතන මගින් සනාථ කොට ඇති බවත් මහත් සතුටින් පවසන්නෙමු. ඔබටත් අප ආයතනය හා එක් ව අධ්‍යයන කටයුතුවල නිරතවීමට ආරාධනා.

úIhhka

අප අභ්‍යාස ආයතනය හරහා පුළුල් විෂය ක්ෂේස්ත්‍රයක් අධ්‍යයනයට ලබා දෙන අතර ඒ සඳහා ප්‍රවීණ කථිකාචාර්‍ය මණ්ඩලයක් ද අප සතුව සිටිති.

වෘත්තීය, ශාස්ත්‍රීය, ප්‍රායෝගික යන අංශයන්ට අයත් විෂයයන් අධ්‍යයනයට ලක් කරයි. ඒ අතර ශාස්ත්‍රීය විෂයයන් ලෙස මූලික පිරිවෙන්වල පවතින විෂයයන් 6ක් සහ අධ්‍යාපන මූලධර්ම සහ අධ්‍යාපන මනෝ විද්‍යාව හා උපදේශනය ද ඇත. වෘත්තීය විෂයයන් ලෙස

  • ජ්‍යෝතිෂ විද්‍යාව
  • ආයුර්වේද වෛද්‍ය විද්‍යාව

ප්‍රායෝගික විෂයයන් ලෙස
ආරාම පරිපාලනය හා කළමනාකරණය
ප්‍රායෝගික ගුරු පුහුණුව
සමාජ වැඩ
ද ඇත. සමාජ වැඩ යන අංගයටම අදාළ දිගුවක් වශයෙන් ක්‍රියාමූලික පර්‍යේෂණ නිබන්ධය ද ඇත.
මේ සියල්ලටම අමතර ව ප්‍රායෝගික වැඩමුළු පවත්වන අතර ආරාමික භික්ෂු ජීවිතයට වැදගත් වැඩමුළු, සමාජ සේවා ආයතන අධ්‍යයනය, සමාජ අධ්‍යයනය, අධ්‍යාපන චාරිකා ආදී වැදගත් වැඩසපිළිවෙලක් ද සහිත පූර්ණ විෂයමාලාවක් අප සතු ය.

iudc fiajd

සමාජ සේවාවෙහි භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනයේ මූලික ආරම්භක පරමාර්ථය වූ අතර එය පොදුවේ ශිෂ්‍ය කණ්ඩායම ම එකතු වී මුල් කාලීනව ආයතනික මූලිකත්වයෙන් සිදු කළ අතර 2018 වසරේ සිට එක් එක් ශිෂ්‍යයකු ආයතනික මග පෙන්වීම යටතේ තනි තනිව යම් සමාජ සේවා කටයුත්තක් සිදු කළ යුතු අතර ඒ ඇසුරෙන් ක්‍රියාමූලික පර්‍යේෂණ නිබන්ධය සැකසීම ද කළ යුතු ය. මේ අනුව සමාජමය ගැටලුවකට විසඳුමක් සැපයීමටත් ඒ ඇසුරෙන් ලබා ගන්නා අත්දැකීම් අත් විඳීමටත් ශිෂ්‍යයාට අවස්ථාව ලබා දී ඇත. මීට අමතරව ආයතනය මගින් සිදු කරනු ලබන සාමූහික සමාජ සේවාවන් ද ඇත. එම වැඩසටහන් ලෙස ආයුර්වේද වෛද්‍ය සායනය, ආයුර්වේදී තෛලයක් සිඳීම, පෝය දින වැඩසටහන්, වැඩිහිටි නිවාස ආදී අවශ්‍යතා සහිත ස්ථාන සඳහා දායකත්වය සැපයීම ආදිය ඒ අතරින් කිහිපයක් දැක්විය හැක.
බඹරකු මලකින් රොන් ගන්නා සේ භික්ෂුවක් දායකයන් විෂයෙහි කටයුතු කළ යුතු බව ගෞතමයාණන් වහන්සේ දක්වා ඇත. එහෙයින් භික්ෂුවක් හුදෙක් පාංසුකූල, දාන මාන, බණ ආදිය පමණක්ම නොව සමාජීය වශයෙන් යම් ගැටලුවක් ඇත්නම් ඒ සඳහා විසඳුමක් දීමෙහි ප්‍රමුඛයා ද වන්නේය. එහෙයින් සහ වියැඛී යන භික්ෂු පෞරුෂය තරුණ භික්ෂු පරපුර තුළ නගා සිටුවීම ද මෙම සමාජ සේවා ව්‍යාපෘතිවල අරමුණක් වෙයි.

Get in Touch

Landline Number

091 - 225 8570 / 091 - 225 6028

WhatsApp Number

+94 77 846 8281

Email

wenamullabtc@gmail.com

Address

Social Service Bhikkhu Training Institute,
Wenamulla,
Ambalangoda.

Open Hours

Monday — Friday 8am – 4.30pm
Saturday / Sunday — Closed

Send Us a Message

Edit Template
Edit Template