වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනික පූර්’ව සේවා පරිවෙණාචාර්’ය පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවේ 2026 – 2028 අධ්‍යයන වර්’ෂ සඳහා ශිෂ්‍යයින් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම 2025.09.30 දින තෙක් සිදු කෙරේ. ඔබ වහන්සේත් උසස් පෙළින් පසු, ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් පසු හෝ වෙනත් පිළිගත් පාඨමාලාවක් අවසන් කොට වගකීමක් දැරීමට නිසි වයස, අවස්ථාව පැමිණිය ද සුදුසුකම් නො මැති කමින් පසු තැවෙමින් කල් ගෙවන්නේ නම් හෝ, වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි සහ ආරාමික අධ්‍යාපනය කෙරේ උනන්දුවක් දක්වන්නේ නම්, වයස අවුරුදු 30 ත් 18 ත් අතර නම් දැන් ම අයදුම් කරන්න. සිසුන් සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් මේ සඳහා අයදුම් කිරීම ඉක්මනින් සිදු කළොත් පාඨමාලාවට සම්බන්ධ වීමේ ඉඩකඩ වැඩි ය. (ලියාපදිංචි වීමට “ලියාපදිංචි වන්න / Registration” බොත්තම ඔබන්න)
මෙම පූර්ව සේවා පරිවෙණාචාර්’ය ඩිප්ලෝමා පුහුණු පාටමාලාව හැදෑරීමෙන් පසු පුහුණු පරිවෙණාචාර්යවරයකු ලෙස සැලකෙන අතර එමඟින් පිරිවෙන් ආයතනයක පරිවෙණාචාර්’යවරයකු ලෙස කටයුතු කළ හැක. එසේ ම පත්වීමේ ශ්‍රේණිය 3 – 1 වේ. උපාධිධාරියකුට වඩා පුහුණු ගුරුවරයකු වෙත ලැබෙන පිළිගැනීම ප්‍රායෝගික වැඩ ලෝකය තුළ වැඩි බව අපි දනිමු. එසේ ම මෙම පාඨමාලාව හරහා පරිපූර්ණ භික්ෂුවක් ගොඩ නැගීම ද සිදු කෙරේ. ඒ පිළිබඳ ව අපට විශ්වාසයක් ඇත. සියලු ප්‍රත්‍ය පහසුකම් සලසා දෙනු ලබයි. කිසිදු අය කිරීමකින් තොර ව නොමිලේ ම ඔබට උසස් අධ්‍යාපනය අපි ලබා දෙන්නෙමු.
පාඨමාලාවට අදාළ විෂය අන්තර්ගතය වෙබ් අඩවියේ Syllabus පිටුවේ පරිවෙණාචාර්’ය පුහුණු පාඨමාලා විෂය මාලාව යටතේ බලා ගත හැක. එසේ ම ආයතනය කවර ආකාරයකින් මෙම වසර තුන පුරාවට ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අපගේ වෙබ් අඩවිය ඔබට උපකාරී වනු ඇත. ජ්‍යෙෂ්ඨ, ආරාධිත, බාහිර කථිකාචාර්‍ය මණ්ඩලයකින් සමන්විත ව අධ්‍යයන කටයුතු ප්‍රායෝගික ව හා ශාස්ත්‍රීයවත්, ආයතනික පරිසරය තුළ හා ඉන් පිටතත් සිදු කරනු ලබයි.
විශේෂයෙන් ම සමාජ සේවා විෂයෙහි භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම වෙනුවෙන් හා ආරාමික පරිපාලනය හා භික්ෂුත්වයට ඔබින චර්‍යාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සමාජ සේවා වැඩමුළු හා ප්‍රායෝගික වැඩමුළු 25ක් වර්ෂය පුරාවට ආවරණය කරනු ලබයි. එසේ ම සෑම ශිෂ්‍යයකු විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් සිදු කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ආයතනය මඟින් සිදු කරනු ලබයි. එම ක්‍රියාමූලික පර්යේෂණය පාදක කර ගනිමින් නිබන්ධයක් සකස් කළ යුතු අතර පාඨමාලාවට අදාළ ව පවතින විෂයයන් 14න් එකක් එය වේ. ප්‍රායෝගික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් අභ්‍යන්තර එකක්, බාහිර තුනක් වශයෙන් පවත්වන අතර, බාහිර පුහුණු දෙකක් සති දෙක බැගින් වසර දෙකක් තුළ සිදු කරන අතර තෙවන බාහිර පුහුණුව සීමාවාසික වශයෙන් මාස හයක් පුරා සිදු කළ යුතු ය.
භික්ෂුත්වය මනාව රැකගෙන, මනා පෞරුෂයකින් හා භික්ෂු නායකත්වයකින් යුතු ශිෂ්‍යයකු බිහි කිරීම අපගේ බලාපොරොත්තුව වේ. එසේ ම චර්‍යාවන්, චින්තනයක් ධනාත්මක සංවර්ධනය ද අපේක්ෂා කරන්නෙමු. භික්ෂු ආකල්ප සංවර්ධනය ද එසේ ම වේ.
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා “ආයතනාධිපති” විමසන්න ; 077 – 846 8281 . නැති නම් wenamullabtc@gmail.com වෙත ඊමේල් පණිවුඩයක්, වට්සැප් පණිවුඩයක්, යොමු කළ හැක. ලියාපදිංචි වන්නේ නම් “ලියාපදිංචි වන්න / Registration” බොත්තම ඔබන්න. මුල් පිටුවේ ඇත. එහි ඇති උපදෙස් අනුගමනය කරන්න.


