Wenamulla Social Service Bhikkhu Training Institute

සමාජ සේවා භික්ෂු අභ්‍යාස ආයතනය - වේනමුල්ල

Donations

Wenamulla Social Service Bhikkhu Training Institute – Ambalangoda


Address
Wenamullsa Samaja Sewa Piriven Sanwardhana Aramudala,
Wenamulla,
Ambalangoda

Bank Name:
National Saving Bank

Account Number:
100330504769
Edit Template

Our Servicecs

wmf.a fiajdjka

social_service_image-removebg-preview

Social Services

iudc fiajd

From the very beginning, our goal has not been solely to train monks for leadership in social service or merely to produce teachers. Instead, we have continuously and will continue to engage in social services alongside our student monks for the greater good of society. Various programs are implemented in alignment with the evolving needs of contemporary society, and fostering shifts in social perceptions is one of the key social services undertaken by our institution.

Through the spiritual development of individuals, we aim to cultivate strong, virtuous individuals, ultimately fostering a society that upholds principles and discipline.

ආරම්භයේ දී ම ඉලක්ක කරගත් අරමුණ වන සමාජ සේවයෙහි භික්ෂූ නායකත්වයට භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම පමණක්ම හෝ, ගුරුවරයකු බිහි කිරීම ම පමණක් පරමාර්ථය කොට නොගත් අප, මේ වනතුරුත් ඉදිරියටත් සමාජ සේවාවන් ද පොදු සමාජය වෙනුවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සෙලා ද සමඟ එක් ව සිදු කරන්නෙමු.

වත්මන් සමාජයේ කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර සමාජීය ආකල්ප වෙනකට මුල පිරීම ද අප ආයතනයෙන් සිදු කරන එක් සමාජ සේවයකි. පුද්ගලයකුගේ ආධ්‍යාත්මීය සංවර්ධනය තුළින් මනා පෞරුෂයකින් යුතු මිනිසකු බිහි කිරීමත් ඒ හරහා ප්‍රතිපත්ති ගරුක හා විනය ගරුක සමාජයක් බිහි වීම අපේක්ෂා කරමු.

Bhikkhu leadership

NslaIq kdhl;ajh

Our institution provides comprehensive training to monks, equipping them with the leadership skills necessary for social service. This includes guidance on how to collaborate with laypersons and benefactors, understanding the expectations society has of a Buddhist monk, and cultivating the appropriate demeanor and conduct befitting monastic life.

A primary focus is on shaping the monastic lifestyle, emphasizing essential practices, traditions, and, most importantly, the disciplined way of life required for a monk. Additionally, we are committed to producing the highest number of educators for the pirivena sector in Sri Lanka, dedicated to training monks for both monastic leadership and a disciplined monastic life. It is important to highlight that our institution holds a leading position in this field and carries the responsibility of maintaining these high standards.

සමාජ සේවාවෙහි භික්ෂූන් වහන්සේලාට නායකත්වයක් දීමට ද පුහුණු කෙරෙන අතර බාහිර පුද්ගලයින්, දායකින් සමඟ කටයුතු කරන්නේ කෙසේ ද, බාහිර සමාජය භික්ෂුවකගෙන් බලාපොරොත්තු වන්නේ කවරක් ද, ශ්‍රමණ සාරුප්‍යය කෙසේ විය යුතු ද යනාදී භික්ෂුත්වය පිළිබඳ මනා පරිචයක් අප ආයතනය මගින් ලබා දේ.

ප්‍රධාන වශයෙන් ආරාමික භික්ෂු ජීවිතය කෙසේ හැඩගස්වා ගත යුතු ද යන්නත්, ඒ හා බැඳුණු සෙසු චාරිත්‍ර, වාරිත්‍ර සහ වැදගත්ම දෙයක් වන විනයානුකූල ආරාමික භික්ෂු ජීවිතයක් වෙනුවන් සහ භික්ෂු නායකත්වයක් වෙනුවෙන් ද භික්ෂූන් වහන්සේලා පුහුණු කරන දිවයිනේ පිරිවෙන් ක්ෂේස්‍ත්‍රයට වැඩිම ගුරුවරු සංඛ්‍යාවක් බිහි කිරීමට බලාපොරොත්තු වන සහ දැනට ඒ සඳහා ප්‍රමුඛ පෙළේ ආයතනයක් වශයෙන් ද නම් දරා සිටින වගකිවයුතු ආයතනයක් බව මෙහි ලා වෙසෙසින් සඳහන් කළ යුතු ය.

monastery-Nissaraṇa-Vanaya-sri-lanka-credit-Nissaraṇa-Vanaya
farmhouse-smiling-gecko-temple-mountain-1024x683

Pirivena education

msßfjka wOHdmkh

The origins of Sri Lankan monastic education trace back to the arrival of Arahant Mahinda in Sri Lanka. Since the Anuradhapura era, monastic education has undergone various transformations, facing challenges, setbacks, and periods of decline, yet continuing to evolve to the present day.

The pirivena education system aspires to cultivate a well-rounded monastic life, and to fulfill this vision, our institution trains monks to take on the crucial role of Pirivenacharya (monastic educators). Through practical teacher training and by fostering exemplary monks, we instill a deep commitment to the Buddhist Order in novice monks.

In modern times, we also address pressing challenges such as the increasing number of monks leaving monastic life and the hesitation of monks to assume leadership roles in the face of social violence and conflicts. Strengthening monastic leadership and revitalizing the pirivena education system remain our primary objectives.

ශ්‍රී ලාංකීය ආරාමික අධ්‍යාපනයේ මූලාරම්භය සිදු වූයේ මිහිඳු මහරතන් වහන්සේගේ ලංකාගමනයත් සමඟ ය. අනුරාධපුර යුගයෙන් ඇරඹි ආරාමික අධ්‍යාපනය විවිධ වෙනස්කම් වලට, හැල හැප්පීම් හා කඩා වැටීම් වලට ලක් වෙමින් මේ දක්වා පැමිණ ඇත. පිරිවෙන් අධ්‍යාපනය තුළින් පරිපූර්ණ භික්ෂුත්වයක් ගොඩ නැගීම පිරිවෙන් අධ්‍යාපන අංශයේ බලාපොරොත්තුව වන අතර එම අරමුණ සාක්ෂාත් කිරීමට පරිවෙණාචාර්‍ය සේවය නම් භාර ධුර කාර්‍යය ඉටු කිරීමට භික්ෂූන් වහන්සේලා අප ආයතනය මගින් පුහුණු කරනු ලබයි.

ප්‍රායෝගික ගුරු පුහුණුව මගින් හා ආදර්ශ සම්පයුක්ත භික්ෂුවක් ගොඩ නැගීම හරහා සාමනේර භික්ෂූන් වහන්සේලා තුළ සාසනික ඇල්ම ඇති කිරීම අපි සිදු කරමු. නූතනයේ සිවුර අතහරින භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය සහ සමාජයේ හිංසනයන් සහ ප්‍රචණ්ඩත්වයන් හමුවේ ස්වකීය නායකත්වය හකුලාගෙන සිටින භික්ෂූන් වහන්සේලා දිරි ගැන්වීම ද පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම ද අපි සිදු කරන ප්‍රධාන කාර්‍යයන් වේ.

Teaching Practice

msßfjka wOHdmkh

A teacher is someone who guides students on the right path, providing them with the necessary instructions and direction they need. The teachers of today shape the future of tomorrow. It is because of the teachers of the past that we are in the positions we hold today, and it will be through the guidance of future teachers that we continue to progress.

As individuals entrusted with such a profound responsibility, teachers must uphold their character and role with utmost dedication. According to our institution’s philosophy, a teacher must strive in every possible way to achieve 100% success—this is both a duty and a responsibility. Entrusting a student to a teacher means entrusting them with the task of leading that student along the correct path.

For this reason, our institution and faculty of lecturers prioritize the development of this teaching role within monks. To achieve this, we implement a structured three-year training program comprising two main components:

  1. Pirivena Teacher Training Diploma Program
  2. Bachelor of Education (Pirivena) Honors Degree Program

 

For details on registration, eligibility, and requirements, please contact us directly.

පිරිවෙන් ගුරු පුහුණු ඩිප්ලෝමා පායමාලාව

ගුරුවරයකු යනු ශිෂ්‍යයන්ට අවශ්‍ය මග උපදෙස් ලබා දෙමින් ශිෂ්‍යයාට නිවැරදි මග දක්වන කෙනා ය. අද සිටින ගුරුවරයා හෙට අනාගතය තීරණය කරනු ලබයි. මින් පෙර සිටි ගුරුවරුන් නිසා වත්මනේ ඔබ අප සියල්ලෝම මේ සිටින ස්ථානවල සිටින්නෙමු. ඉදිරියේ දී මුණ ගැසෙන ගුරුවරුන් නිසාවෙන් අප ඉදිරියට ගමන් කරන්නෙමු.

එසේ භාරධුර කාර්‍යයක් ඉටු කරන ගුරුවරයා ස්වකීය චරිතය හෙවත් ගුරු භූමිකාව මනාව පවත්වාගෙන යා යුතු ය. අප ආයතනයට අනුව නම් ගුරුවරයා හැකි හැම අයුරින් ම උත්සහ කොට 100% සාර්ථය විය යුතු ම ය. එය ගුරුවරයා සතු වගකීමයි.

ශිෂ්‍යයකු ගුරුවරයකු වෙත භාර කරන්නේ ශිෂ්‍යයා නිවැරදි මගෙහි ගමන් කිරීමට නිසි මග පෙන්වීමට යි. ඒ නිසා මෙම ගුරු භූමිකාව භික්ෂුවක් තුළ අපූරුවට ගොඩ නැගීමට අප ආයතනය සහ කථිකාචාර්ය මණ්ඩලය ප්‍රමුඛත්වය දෙනු ලබයි.


අධ්‍යාපනවේදී (පිරිවෙන්) ගෞරව උපාධි පාඨමාලාව

ඒ සඳහා වසර තුනක නියමිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ප්‍රධාන අංග දෙකක් ක්‍රියාත්මක කරනු ලබයි. ඉන් පළමුවැන්න පිරිවෙන් ගුරු පුහුණු ඩිප්ලෝමා පායමාලාවත්, දෙවැන්න අධ්‍යාපනවේදී (පිරිවෙන්) ගෞරව උපාධි පාඨමාලාවත් ය.

මේ සඳහා ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය තොරතුරු හා සුදුසුකම් පිළිබඳව අප ඇමතීමෙන් දැනගත හැකි ය.

WhatsApp Image 2024-03-03 at 11.14.20_1534ce17

Courses you can study at our institute.

wm wdh;kfhka Tng yeoEÍug yels mdGud,d